දැනට හිස්වී ඇති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සහ මෙවර මහමැතිවරණ ප්රථිඵලවලට අනුව හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධනට ලබාදියයුතු බවට වන යෝජනාවක් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ දී අද (09) ඒකමතිකව සම්මත කර ගැනුණා.
යෝජනාව ඉදිරපත් කළේ එක්සත් භික්ෂු පෙරමුණේ ගාල්ල සභාපති පූජ්‍ය උඩුගම සාරානන්ද හිමිපාණන් විසිනි. එය ස්ථිර කරන ලද්දේ හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතාය.
යෝජනාවට සියල දෙනාගේ අනුමැතිය හිමි වුණා.
එක්සත් ජාතික පක්ෂයට දිවයිනේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බවත් පක්ෂය වෙනුවෙන් කැපවීම් කරන වජිර අබේවර්ධන මහතා
නියෝජ්‍ය නායකකමට සුදසුම පුද්ගලයා බවත් එජාප බල මණ්ඩල නියෝජිතයින් මෙහිදි කියා සිටියා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි