එදා මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද වෙනස් මුහුණුවරකින් මාධ්‍ය මර්දනය ක්‍රියාත්මක වන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. අද වනවිට පහරදීම්, ඝාතනය කිරීම් වෙනුවට අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිගනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම් වැනි මර්දනකාරී උත්සාහයන් දියත් වන බවයි කරු ජයසූරිය මහතා පෙන්වා දේනනේ.
ඔහු මේ බව සඳහන් කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් පැවති මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි පිදූ මාධ්‍යවේදීන්ට උපහාර දැක්වීමේ උළෙල අමතමිනි.
මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. අද පහර දෙනවා වෙනුවට නිවාසවලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඒ අයගේ පරිගණක රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සඳහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළඳ භාණ්ඩයක් කරගන්නවා.
මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුණ දී සිටිනවා. මෙහි ආදීනව ගෙවන්න වන්නේ ඊළඟ පරපුරට. මධ්‍යය යනු ගෞරවනීය සේවයක්, ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීම අපක්ෂපාත මාධ්‍යයවේදියකුගේ යුතුකම.
අද මාධ්‍යවේදීන්ට සමහර පුවත්පත් ප්‍රධානීන්ගේ විධානවලටත් යටත්වෙන්න වෙනවා. බොරු මවන්න වෙනවා. ඇත්ත බොරු කරන්න වෙනවා. චරිත ඝාතන කරන්න වෙනවා. සමහර චරිත පුම්බන්න වෙනවා. මේකයි අපේ සමහර ආයතනවල මාධ්‍යය සංස්කෘතිය.
අවසාන වශයෙන් මෙම ගරු සභාවට එක් වැදගත් පැහැදිළි කිරීමක් කරන්නට අවශ්‍යයයි. අපි යුක්තිය, සත්‍ය හා සාධාරණය වෙනුවෙන් ගෞරවනීය සෝභිත හිමිපාණන් නායකත්වය දුන් දර්ශනය අනුව ඉදිරියට යනවා. අපි ස්වාධීන අපක්ෂපාතී සිවිල් සංවිධානයක්. අපිට, රජුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් බිහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ රටේ ජනතාවගේ 20 වැනි සංශෝධනයෙන් විනාශ කළ මූලික අයිතිවාසිකම් රැක දීමට අපට සිදුවනවා. එය එතරම් භයානකයි.
අපි බලධාරීන්ට කරුණාවෙන් කියන්නේ එම අයිතිවාසිකම් අහිමි කරන්නට නැති කරන්නට උත්සාහ කරන්නට එපා. දැනටමත් නරක සලකුණු අපට පෙනෙනවා.
ඒ අයිතිය ආරක්ෂා කිරීමට ඊළග පරපුරට රැක දීමට, අපි නැගී සිටිනවා. පූර්ණ වශයෙන් කැපවනවා යනුවෙන් කියා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්