‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි එන්නත් අනිවාර්ය කරන්නේ නම්, එසේ කළ යුත්තේ එය අවසන් විකල්පය නම් පමණක් බවත්, එන්නත් අනිවාර්ය කිරීමට තමන් කිසිම අවස්ථාවක, කිසිදු රටක් උනන්දු කර නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පවසා ඇත.
‘කොවිඩ් 19 ලොවටම බලපෑමක් කරන වසංගතයක්. එන්නත් ලබා ගැනීම ලොව සෑම කෙනකුගේම වගකීමක්. අප සැමවිටම කියන්නේ වගකීමක් ඇති පුරවැසියකු ලෙස සෑම කෙනකුම එන්නත් ලබා ගැනීම කළ යුතුයි කියායි. ඒත් එන්නත බලෙන් කාටවත් ලබා දෙන්න අප උපදෙස් දී නැහැ. එන්නත් බලෙන් ලබා දීමට කටයුතු කිරීම සමාජිය වශයෙන් අවිශ්වාසයක් නිර්මාණය වීම, ගැටුම් නිර්මාණය වීම සහ සමාජ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවක් වේවි’ යැයි යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කර තිබේ.
මේ වනවිට යුරෝපා කලාපයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ ඉහළ අගයක් ගෙන තිබේ. ඊට අමතරව, යුරෝපා රටවල් රැසකින් ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය ද වාර්තා වීමට පටන්ගෙන ඇත.
ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් බොහොමයක්, එන්නත් අනිවාර්ය කර ඇති අතර, එන්නත් ලබා ගැනීමට අදිමදි කරන එම රටවල වැසියන් ඊට එරෙහිව රජය සමඟ ගැටුම් ඇති කර ගනී.
‘එන්නත සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ගොඩනැගීම රජයේ වගකීමයි. සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමයි. විශ්වාසය දිනා ගැනිමෙන් එන්නත්කරණ වැඩසටහන් පුළුල් කිරීම මෙම අවස්ථාවේදී කළ යුතුයි. එන්නත් අනිවාර්ය කරමින්, බලෙන් එන්නත් දීමට යෑමෙන් සිදුවන්නේ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වීමයි. එය කොවිඩ් 19 වසංගතය උත්සන්න කිරීමට ද හේතු වෙනවා’ යැයි හාන්ස් ක්ලූග් පෙන්වා දී තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්