කොවිඩ් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවමකර ගැනීම සඳහා විශේෂ කාර්ය භාරයක් සිදුකල හැකි බව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගත් බවත් ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට පසුව බවත් ආචාර්ය ජීවන්දර මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.
මීට පෙර වෛරසය ආසාදනය වූවෙකුට දින තුනත් හතරත් අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර නව සොයාගැනීම් අනුව හෙළි වී ඇත්තේ එම රෝග ලක්ෂණ විද්‍යමාන කිරීමේ කාල සීමාව ආසන්න වශයෙන් දින පහ හමාරේ සිට හය දක්වා දිගු වී ඇති බවයි.
ඩෙල්ටා වෛරසයේ පැතිරයාමේ වේගය පළමු වෛරසයට වඩා සිව් ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් බවත් ආචාර්ය ජීවන්දර සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්