ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වන විට අමෙරිකාව බරපතළ ගැටලුවකට මුහුණපා සිටී.
ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල ස්ථායීව පවත්වාගැනීම සඳහා ෆෙඩරල් රජය උත්සහ දරමින් සිටින නමුත් ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ල වන එන්නත් විරෝධය නිසා එලඹෙන ශීත ඍතුවේදී වෛරස ව්‍යාප්තිය යළි ඉහළ යාමේ අවදානමක් මතුවී තිබේ.
මේ කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට එරෙහිව ගුරුවරු පිරිසක් නිව්යෝර්ක් හිදී විරෝධතාවල නිරත වුණි.
ගුරුවරු සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට එන්නත අනිවාර්ය කිරීමේ නීතිය අවලංගු කරන ලෙස විරෝධතාකරුවන් කළ ඉල්ලීමක් මැන්හැට්න් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙවර සටනින් පරාජය වුවත් තමන් මේ යුද්ධය අත්නොහරින බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.
මේ අතර අමෙරිකාවේ සේවය හැර යන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ යමින් ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
එහි වාර්තාවන්ට අනුව අගෝස්තු මාසයේදී රැකියාවලින් ඉවත් වී ඇති පිරිස මිලියන 4.3 ඉක්මවා ගොස් තිබුණි.
එය සමස්ත සේවා නියුක්තියෙන් 2.9%ක් වන අතර ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියාවලින් ඉවත් වූ අවස්ථාව මෙය වේ.
ජූලි මාසයේ සිට අමෙරිකාවේ මිලියන 11.1 ක පිරිසක් සිඟමන් යැදීමට යොමුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්