වයස අවුරුදු 16ට වැඩි පාසල් දරුවන් එන්නත්කරණය සඳහා අද (05) පැවැති වැඩසටහනකදී ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි දැරියක හදිසියේ අසනීප වී රෝහල්ගත කර තිබේ.
බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම එන්නත්කරණ කටයුතු සිදුවී තිබුණි.
ඒ අනුව අසනීපවූ දැරියව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී දැරියට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
එම දැරියගේ මව සහ පියාත් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඒ අනුව පාසලේ පැවැති එන්නත්කරණ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබුණි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක