එන්නත ලබාදිමෙදි රාජ්‍ය නිළධාරින්ට මූලික තැන දෙන්න

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ රාජ්‍ය නිලධාරීන්ට ද කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙසයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය මාණ්ඩලික නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකාර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් සඳහා ද ප්‍රමුඛස්ථානය ලබාදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇත.

අද (16) දඹුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත.

ඒ අනුව තමන් විශයභාර අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ඔහු සඳහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com