චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලීමා නගරයේ පැවති එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගි වී වැදගත් දේශනයක් පවත්වයි.
එම සමුළුව පේරු වේලාවෙන් 16 වැනිදා පැවැත්විණ.
පසුගිය දශක කිහිපය තුළ, එපෙක් සංවිධානයේ නායකත්වය යටතේ ආසියානු ශාන්තිකර කලාපය විශාල සංවර්ධනයක්, දැවැන්ත සෞභාග්‍යයක් සහ පුළුල් ඒකාග්රතාවයක් අත්කර ගෙන ඇති අතර, එම කලාපය ගෝලීය ආර්ථිකයේ වඩාත්ම සක්‍රිය අංශය සහ ප්‍රධාන වර්ධන එන්ජිමක් බවට පත් කිරීම සඳහා කාර්යභාරයක් ඉටු කොට තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
වර්තමානයේ, ලෝකය වේගවත්ව පරිණාමය වෙමින් පවතින අතර ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වේ. එසේම ලෝක විවෘතභාවයේ දර්ශකය අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර ආසියානු ශාන්තිකර කලාපීය සහයෝගිතා භූ දේශපාලනය, ඒකීයකරණවාදය සහ ආරක්ෂණවාදය වැනි අභියෝගවලට ද මුහුණ දෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
එපෙක් 2040 පුත්‍රජය දැක්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සහ පොදු ඉරණමක් සහිත ආසියානු ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට කලාපයේ විවිධ රටවල් එක්සත් වී එකට වැඩ කළ යුතුය. මේ සඳහා තමා පහත යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම කියාසිටියේය.
විවෘත සහ ඒකාබද්ධ ආසියානු ශාන්තිකර සහයෝගිතා රටාවක් ගොඩනගමින්, හරිත නවෝත්පාදනයේ ආසියානු ශාන්තිකර වර්ධන ශක්තියක් නිර්මාණය කරන අතර හවුල් ප්රතිලාභ සහ සහභාගිත්වයෙන් යුතු ආසියානු ශාන්තිකර සංවර්ධන සංකල්පය ස්ථිරව ස්ථාපිත කළ යුතු බව චීන ජනාධිපතිවරයා යෝජනා කළේය.
චීනය එපෙක් සංවිධානයේ 2026 වසරේ සත්කාරක රට බවට පත් වනු ඇති බවත් ආසියානු ශාන්තිකර සහයෝගීතා ගැඹුරු කොට කලාපීය ජනතාවට ප්රතිලාභ ලබා දීම සඳහා විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවත් ෂී ජින් පිං මහතා පවසා ඇත.
චීනයේ සංවර්ධනය ආසියානු ශාන්තිකර කලාපයේ සහ ලෝකයේ සංවර්ධනය සඳහා තවත් නව අවස්ථා ලබා දෙනු ඇත. චීනය සමඟ එක්ව පොදුවේ සංවර්ධනය කිරීමට චීනය සියලු පාර්ශ්වයන් සාදරයෙන් පිළිගනී. සාමකාමී සංවර්ධනය, අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතාව සහ පොදු සමෘද්ධිය සහිත විවිධ රටවල නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව ප්රයත්න දැරීමට චීනය සූදානමින් සිටින බව ද ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි