එම්සීසී ගිවිසුම යටතේ කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමක් හෝ වැය කිරීමක් සිදුකර නොමැති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.
සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් එම කාර්යාලය මේ බව සඳහන් කර තිබුණා.
යෝජිත ගිවිසුම යටතේ ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා වී ඇති වුවද එහි කිසිදු වාරිකයක් හෝ කොටසක් මේ දක්වා ශ්‍රී ලංකා රජය වෙත නිදහස් කර නැතැයිද එම වාර්තාව මගින් ඇමරිකානු තානාපති කාර්යාලය පෙන්වා දී තිබෙනවා.
එහෙත් එම්සීසී ගිවිසුම පිළිබඳ සලකා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පසුගියදා ජනාධිපතිවරයා හමුවේම ප්‍රකාශ කර තිබුණේ පසුගිය යහපාලන රජය එම ගිවිසුමේ අදියර දෙකක් සඳහා අත්සන් තබා ඇති බවයි.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ලබාගෙන ඇති බවත් එම මුදල් වැය කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් ගුණරුවන් මහතා පෙන්වා දී තිබුණා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට