ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2021 අදියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය හෙට(05 වැනිදා) පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.
මේ සඳහා දේශීය ක්‍රීඩකයන් 300ක් සහ විදෙස් ක්‍රීඩකයන් 300ක් ඉදිරිපත් ව ඇති බවටද වාර්තා වේ.
මෙම ක්‍රීඩක වෙන්දේසිය දේශීය සහ විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් වූ වට 20කින් සමන්විතය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20ක් ලබා ගත හැකි අතර ඒ අතරට විදෙස් ක්‍රීඩකයන් 6ක් සහ දේශීය ක්‍රීඩකයන් 14 දෙනකු තෝරා ගත හැකිය.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම් දෙකක හිමිකාරීත්වය පමණක් මේ දක්වා වෙනස් වී ඇති අතර ඒ අනුව ගියවර ශූරතාව දිනූ ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ මෙවර ජැෆ්නා කිංග්ස් ලෙස වෙනස් වීම විශේෂත්වයකි. මෙවර එම කණ්ඩායමේ හිමිකාරීත්වය ‘ලයිකා සමාගම සතුව ව තිබේ. ‘කලම්බු කිංග්ස්’ කණ්ඩායමද මෙවර සිය හිමිකාරීත්වය වෙනස් කර තිබේ.
ඒ අනුව මෙවර එම කණ්ඩායම ’27th Investments’ ආයතනයේ සභාපති අනිල් ධමානි හට හිමිව තිබේ. 27th Investments ආයතනය යනු ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ආයෝජන ආයතනයක් වන අතර එය එරට සේවා සපයන ප්‍රකට ආයතනයකි.
මෙවර තරගාවලියේ පළමු වටය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර අවසන් වටය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්