රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත.
එලියන්ත වයිට් මහතා විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගඟටද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග මහතා විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගඟටද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක් පැන් කළයක් රත්නපුරේදී කළු ගඟටද, , උදය ගම්මන්පිල මහතා විසින් එක් පැන් කළයක් කොළඹදී කැළණී ගඟටද, මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වල මැති ඇමතිවරුන්ටද පැන් කළ ලබාදී ඇති බවත් ඒවා එම ප්‍රදේශයන්හි ගංගා ඇලදොලවලට මුදාහරින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තාවේ සඳහන්ය.
ඒලියන්ත වයිට් මහතා කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය පරාජය කරන බවටද මෑතකදී වාර්තා පල විය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්