කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට සෙන් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමත් වී තිබේ.
ඒ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 146කි.
වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් චන්ද්‍රපෝල් හේම්රාජ් ලකුණු 39ක් සහ මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 38ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ඩොමිනික් ඩ්‍රේක්ස් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි.
ලකුණු 147ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි සෙන් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 2ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.
සෙන් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් පන්දු 39කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් රැස් කළේය.
ඩෙවොන් තෝමස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 55කි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි