කොරෝනා වසංගතයේ බලපෑම අවබෝධ කරගනිමින් එළඹෙන උත්සව සමයේදී නිරෝධායන රීතීන් එලෙසම අනුගමනය කිරීමට පියවර ගන්නැයි පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙනවා.
උත්සව සමයට අදාල කටයුතු පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ
මේ අතර ගතවූ පැය 24දී මුව ආවරණ පැළදීම සහ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුලු නිරෝධායන රීතීන් උල්ලංඝණය කළ තවත් 33 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 1289ක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග