ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වනවා.
ලබන මස 19 වනදා දක්වා එය පැවැත්වීමට නියමිතයි.
මෙවර සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව සළකා බැලීමත් සම අනුග්‍රාහකත්වය සපයන රටවල් විසින් ගෙන ඒමට නියමිත නව යෝජනාවත් හේතුවෙනුයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේදීයි.
30/1 යෝජනාවෙන් සම්මත කරගත් පරිදි ප්‍රතිසන්ධානය – වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීමට පියවර ගත යුතු බවටයි අදාළ යෝජනාවේ ඇතුළත් වන්නේ.
කැනඩාව / ජර්මනිය / උතුරු මැසිඩෝනියාව / මලාවි / මොන්ටිනීග්‍රෝ සහ මහ බ්‍රිතාන්‍යයේ සහයෝගය ඇතිවයි මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.
ශ්‍රී ලංකාව තුළ වගවීම / ප්‍රතිසන්ධානය සහ සාමය තහවුරු කළ යුතු බවට එමගින් යෝජනා කර තිබෙනවා.
පසුගිය යුදමය වාතාවරණ සමයේදී රටතුළ සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීමේ අවශ්‍යතාවද මෙම යෝජනාවෙන් අවධාරණය කර ඇති බවයි සම අනුග්‍රාකත්ව කණ්ඩායම නිවේදනය කළේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය විසින් දැනට සිදුකරගෙන යන යටිතල පහසුකම් සංවර්ධනය / බිම්බෝම්බ ඉවත්කිරීම සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කිරීමද මෙම යෝජනාවට අන්තර්ගතයි.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමද විශේෂ්තවයක්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව