ඒක පුද්ගල රංගනවලින් සහ ආණ්ඩුව, විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරිය සිදු කරන මිත්‍යා මත පැතිරවීම තුළින් කොරෝනා වසංගතය පාලනය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (08) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර් ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින්ය.
අපි දකින්නේ වසංගතයට මුහුණදීමට අවශ්‍ය ආයතන සියල්ල එකතු කරගනිමින් සාමූහික ප්රයත්නයක් දැරිය යුතු බවයි. නමුත් ආණ්ඩුවේ එක එක්කෙනා තම තමන්ට අදාල ප්‍රකාශ කරමින් ඒකපුද්ගල රංගනයන් කරනවා. අනෙක් අයගේ අදහසට ගරු නොකර තමන්ගේ අඩුපාඩුකම් නොදැක තමන් කරන සියල්ල හරියි කියලා හිතලා කරන ඒකපුද්ගල රංගනවලින් අපට ඉතිරි වෙන්නේ ඛේදවාචකයක්. ඒ වගේම ජනතාවට දොස් පරවලත් වැඩක් නැහැ. ආණ්ඩුව ජනතාවගේ අවබෝදය හදලා සංචරණ සීමාවලට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හදනවා වෙනුවට සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු වගකිව යුත්තන් මුට්ටි සෙල්ලම් කලගෙඩි සෙල්ලම් කරනවා. වතුර මුට්ටි ගඟට දැම්මාම ලෙඬේ පාලනය වෙනවා කියන දේ ජනතාව විශ්වාස කළොත් ඇත්වෙන තත්වය බරපතලයි. රටේ සෞඛ්‍ය ඇමතිවරියම මැදිහත් වෙලා මිත්‍යාව වපුරනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක විය යුත්තේ විද්‍යාව පදනම් කරගෙනයි. ආණ්ඩුව කරන දේට ගෞරවය දෙන ගමන්ම මේ හැසිරෙන ආකාරය වගකීම්සහගත නොවන බව අපි අවධාරණය කරනවා.
බස්නාහිරි පලාතේ ඇඳිරි නීතිය ඉවත් කළාම ජනතාව ගැවසෙන එක පාලනය කරන්න නම් ඊට අදාල වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ. උදාහරණයක් හැටියට කොරෝනා නීතිවලට අනුව මීටරයක දුර තියාගෙන බස්වල යන්නේ කොහොමද? එහෙම යන්න ගියොත් බස්වල ආදායම අඩු වෙනවා. ඒ නිසා බස් ගාස්තුව වැඩි කරන්න ඉල්ලා තිබෙනවා ඒක ජනතාවට විශාල බරක්. ආණ්ඩුව මැදිහත්වී ටික කාලයකට හරි පෞද්ගලික අංශයට සහන ලබාදෙන්න ඕනෑ. එහෙම කළොත් තමයි සීමාසහිත මගීන් ප්‍රමාණයක් ගෙනයන්න හැකි වෙන්නේ. අනෙක් පැත්තනේ ප්‍රමාණවත් බස්රථ ප්‍රමාණයක් යොදවන්නත් ඕනෑ. එහෙම නොකර නීතියක් දැම්මට වැඩක් නැහැ. නීති සහ උපදෙස්වලින් විතරක් මේක කරන්න බැහැ. වැඩපිළිවෙළක් හදන්නැතිව නීති දැම්මට වැඩක් නැහැ.
ආණ්ඩුව රෝගය පාලනය කිරීමට අවශ්‍ය බර තබා නැති බව ලබන අවුරුද්දේ අයවැය ලේඛණයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදලින් පැහැදිලියි. එය රු. කෝටි 15,947ක්. මෙය කෙසේවත් ප්‍රමාණවත් නැහැ. පවුලේ අයට ගොඩක් වෙන්කර ගන්නවා. හැබැයි වැඩිම වගකීමක් තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල ලබාදී නැහැ. අඩුම තරමේ 2020 අවුරුද්දට වෙන්කළ රු. කෝටි 15,957ක මුදලටත් වඩා අඩු මුදලක් ලබන වසරට වෙන් කරන්නේ. ඒ වගේම රෝගය සම්බන්ධයෙන් නිවැරදි වාර්තා ලබාගැනීම නොකර ඉන්න උත්සාහ කරනවා. වැඩිපුර රෝගීන් පරීක්ෂා කළොත් මේ සංඛ්‍යාව වැඩිවන බව සෞඛ්‍ය අංශ කියනවා. එහෙම වුණොත් රෝහල්වල ඉඩ වැඩියෙන් වෙන්කරන්න වෙනවා. දැන් රෝහල්වල ඉන්න රෝගීන් පවා ඉක්මනින් නිවාසවලට යැවීමේ වැඩපිළිවෙළක් පටන් අරගෙන තිබෙනවා. මීට කලින් සුවවුණු රෝගීන් නිවාසවලට යවද්දී පී.සී.ආර්. පරීක්ෂණ කරනවා. දැන් එය අත්හැරලා. මේක ඉලක්කම් එක්ක කරන්න ගියොත් රෝගය පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. ආණ්ඩුවේ බලධාරීන් ඒ ගැන වගකීමකින් කටයුතු කළ යුතුයි.
වසංගතය නිසා පීඩාවට පත්වුණු සමස්ත ජනතාවට අවම සහන ලබාදෙන්න ඕනෑ. රෝගය පැතිරීම වළක්වා ගන්න සංයුක්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. පීඩාවට පත්වූ සියලු ජනතාවට වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට බලපා තිබෙන මූලික ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි. බලය ඇති තරම් තියෙන නිසා රට වෙනුවෙන් කළ යුතු වගකීම් නිසි ආකාරව කරන ලෙස අපි අවධාරණය කරනවා. අනෙක් පැත්තෙන් ජනතාව වගකීම් සහගතව කටයුතු කරන්න කියලා මේ මොහොතේ අපි ඉල්ලා සිටිනවා යැයි ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්