ලෝකයම ඇස් දල්වාගෙන බලා සිටින සියවසේ දැවැන්තම මෞලි මංගල්‍යය, තුන්වන චාල්ස් රජතුමාගේ රාජාභිෂේකයට තවත් ඉතුරු වෙලා තියෙන්නේ පැය 48කටත් අඩු කාලයක්. මේ වන විට ඒ සඳහා මුළු ලන්ඩන් නුවරම සූදානම් වෙමින් පවතිනවා. ලන්ඩන් නගරයේ ප්‍රදේශ රැසක් රාජාභිෂේකය වෙනුවෙන් ඉතා අලංකාර ලෙස සරසලා, එම උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතු සිදුකරෙමින් පවතිනවා.
රාජාභිෂේක උත්සවය සඳහා සහභාගිවීමට රාජ්‍ය නායකයන්, රාජකීයයන් ඇතුළු 2000 ක පිරිසක් ආරාධනා ලබලා තියනවා. ඒ අතරින් සමහර පිරිස් මේ වන විටත් ලන්ඩන් න1වරට පැමිණෙලා තියන අතරේ ශ්‍රි ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් රාජාභිෂේකය සඳහා සහභාගීවීමේ බලාපොරොත්තුවෙන් ලන්ඩන් නුවරට ලඟා වෙමින් ඉන්නවා. ඒ වගේම පොදු මහජනතාවට රාජාභිෂේක පෙරහැර නරඹන්න පුළුවන් වන සීමිත ඉඩකඩේ මේ වන විටත් සමහර පිරිස් කඳවුරු ලා ගනිමින් තමන්ගේ ඉඩ වෙන්කරගෙන වාඩි වෙලා ඉන්නවා.
සෙනසුරාදා (06) හරියටම පෙරවරු 10.20ට චාල්ස් රජතුමන් රැගත් පෙරහැර සන්නද්ධ හමුදා සාමාජිකයන් සහ අශ්වාරෝහකයන් 200 ක පමණ පිරිසක් සමඟ බකිංහැම් මාලිගයේ සිට වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය බලා පිටත්ව යෑමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ රජුග් රාජාභිෂේකය කියන්නෙම ආගමික හා සංස්කෘතික සංදර්ශන වල ඒකාබද්ධ උත්සවයක්. 1066 වසරේ සිටවසර 1000කට අධික කාලයක් තුල එම දේවස්ථානයේදී කිරුළු පළඳින 40 වන රජතුමා වෙන්නේ IIIවන චාල්ස් රජතුමා බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
දේවස්ථානයට ඇතුළු වෙන චාල්ස් රජතුමන් සාම්ප්‍රදායික චාරිත්‍ර රැසකට සහභාගී වීමට නියමිතය. එහිදී ඔහු අගරදගුරුවරයා ඉදිරියේ එංගලන්තය නීතිය සහ එංගලන්ත පල්ලිය ආරක්ෂා කරන බවට දිවුරුමත් දීමට සිදු වෙනවා. ඒ වගේම චාරිත්‍රයක් ලෙස ජෙරුසලමේ ඔලිව් වත්තකින් නෙලන ලද ඔලිව් වලින් සාදන ලද තෙල් වර්ගයක් හිසේ දෙඅත් වල සහ පියයුරු වල ගැල්වීමට නියමිතව තිබෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ තෙල් වරගිය මුලින්ම 12 වන සියවසේදී කන්‍යා මරියතුමිය ශාන්ත තෝමස් වෙත දර්ශනය වී ඔහුට රාජාලියෙකු විසින් මෙම තෙල් ලබාදුන් බවයි. එයින් අනාගතයේදී එංගලන්තයේ රජවරු රාජාභිෂේක කරන ලෙස කියූ බවත් පැවසෙනවා.
එලෙස දේවස්ථානය තුල සිදුවන සියළුම සියළුම රාජකීය කටයුතු අවසානයේ දී රජතුමන් කැමිලා බිසව සමඟ නැවතත් බකිංහැම් මාලිගය බලා පිටත් වෙනවා. ඒ සඳහා නැවත ප්‍රතිසංස්කරණය කරන ලද වසර 260 ක් පැරණි රත්‍රන් පාට අශ්ව කරත්තයක් භාවිතා වෙන බව තමයි සඳහන් වෙන්නේ. එය මුලින්ම භාවිතා කරලා තියෙන්නේ IV වන විලියම් රජතුමා. පෙරහැර සඳහා බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවන්ට අයත් සෙබලුන් 4000 ක් සහ ශ්‍රි ලංකාව ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරමින් හමුදා සෙබළුන් රැසක්ද සහභාගීවීමට නියමිතයි.
රාජාභාශේක උත්සවය අවසන් කරමින් අවසානයේ කිරුළු පලන් තඅන්වන චාල්ස් රජතුමා බකිංහැම් මාලිගයේ සුප්‍රසිද්ධ බැල්කනියේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. 1902 දී රජවූ VII රජතුමා විසින් බැලකනියට පැමිණ මාලිගය ඉදිරිපිට රැස්ව සිටි ජනතාවට ආචාර කිරීමෙන් පසු එම සිදුවීම සම්ප්‍රධායක් ලෙස නොකඩවා මේ දක්වා පවත්වාගෙන එනවා. ඒ සඳහා රජු සමඟ රාජකීය පවුලේ සාමාජිකයන්ද සහභාගී වන නමුත් ඒ කවුද යන්න මේ දක්වා තහවුරු කර නෑ.
- තිලාන් ජයසේකරගෙ Facebook පිටුවෙන්
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි