බොලිවුඩය කොරෝනාවෙන් කැළඹී ඇති බව වාර්තා වනවා. ඒ සුපිරි නිළි ඓශ්චර්යා රායි හදිසි ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමත් සමගින්.
ඓශ්චර්යා රායිගේ 8 හැවිරිදි දියණිය වන ආරාද්‍යා රෝහල් ගතකර අැති බවයි වාර්තා වන්නේ.
ඓශ්චර්යා රායිගේ ස්වාමි පුරුෂයා වන සුපිරි නළු අභිෂේක් බච්චන් සහ අමිතාබ් බච්චන් ප්‍රතිකාර ලබමින් සිටින මුම්බායිහි නැනවතී රෝහල වෙත ඇයද ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
වෛරසය හේතුවෙන් අමීර් ඛාන්, කරන් ජොහාර්, බොනී කපූර් හා ශර්දා කපූර් යන සුපිරි නළු නිළියන්ගේ කාර්ය මණ්ඩලවලට වෛරසය ආසාදනය වීමත් සමග ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.
මේ අතර තිරුපති කෝවිලේ 140 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එසේ වුව ද දේවස්ථානයේ ආගමික කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්