ලබන ඔක්තෝම්බර් මස 6 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අදාළ සියලුම උපකාරක පංති සම්මන්ත්‍රණ හෝ වැඩමුලු පැවැත්වීම තහනම් කර තිබෙනවා.
එමෙන්ම 7 වනදා මධ්‍යම රාත්‍රී 12න් පසු 5 ශේර්ණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වනු ඇති.
- විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම
- උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම
- විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට හෝ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවකු වන බව අධ්‍යාපන අමාත්‍යංශය අනතුරු ඇඟවීය.
මෙවර අපොස (උසස් පෙළ) විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා ද පැවැත්වීමට නියමිතය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්