කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ හඳුන්වා දුන් මාර්ග ගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වනවිට මතුව තිබෙන බරපතල ගැටළුසහගත තත්ත්වය ගැන අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවධානය යොමුකළේය.
ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රේමදාස මහතා මෙම මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධ ගැටළු ඉදිරිපත් කරන ලදී.
”රජය මේ වන විට මාර්ගගත අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට තිබේද? මාර්ගගත අධ්‍යපනය සඳහා සිසු දරුවන්ගේ ප්‍රවේශය පිළිබඳ අධ්‍යයනයක් අමාත්‍යාංශය විසින් කර තිබේද? පාසල් සිසුන්ගෙන් කොපමණ ප්‍රතිශතයකට මාර්ග ගත අධ්‍යාපනය අද දවසේ බාධාවකින් තොර ප්‍රවේශයක් වී තිබේද? කවදා වන විට සියලුම සිසුන් හට එම ප්‍රවේශය තහවුරු කළ හැකිද? පාසල් සිසුන් කොපමණ ප්‍රතිශයකට මාර්ගගත අධ්‍යාපනය සඳහා දත්ත සහ උපකරණ ලබාදී තිබේද? නොමිලේ නොවේ නම් එම සහනදායී ක්‍රමය කුමක්ද? පාසල් ගුරුවරුන් ස්වෙච්ජාවෙන් කරන මාර්ගගත අධ්‍යාපනය සඳහා පහසුකම්, මාර්ගෝපදේශ හා පුහුණුව සැපයේද? මේ වන විට කොපමණ පාසල් ගුරුවරු ප්‍රමාණයක් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය භාවිතා කරන්නේද? අන්තර්ජාල ආවරණය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? මේ වන විට කොපමණ සිසුන් ප්‍රමාණයක් ආවරණය කරගැනීමට නොහැකි වී තිබේද?” යන්න විපක්ෂ නායකයා ප්‍රශ්න කර සිටියේය.
- Lanka News Web
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්