ඔමික්‍රොන් ප්‍රභේදය ලොව පුරා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වුවද ඩෙල්ටා ප්‍රභේදය මෙන් අසාධ්‍ය තත්ත්වයක් ඇති නොකරන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරනවා.
බහරේන් සයිප්‍රස් හා මලාවි යන රටවලින්ද ඊයේ දිනයේ දී පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වුණා. මේ වනවිට ලොව පුරා රටවල් රැසකින් නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුව ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයෙන් ඊයේ දිනයේ දී පමණක් හමුව ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 633ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ සමඟම එරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 1898 දක්වා ඉහළ ගියා. මෙතරම් ශීඝ්‍රයෙන් බ්‍රිතාන්‍ය තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් මෙම මාසය තුළදී එරට රෝහල් ධාරිතාවය ඉක්මවා යනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි