නව ඔමික්‍රොන් ප්‍රභේදය සම්න්ධයෙන් කලබල නොවිය යුතු නමුත් ඊට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.
එහි ඉහළ පෙළේ විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළේ දැනට පවතින තත්ත්වය මීට වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස් බවයි.
විදෙස් වාර්තා වලට අනුව මේ වන විට ඔමික්‍රොන් ප්‍රභේදය වාර්තා වී ඇති රටවල් ගණන 40 ක්.
මේ අතර යුරෝපා කලාපයේ කොවිඩ් ආසාදිතයන් මිලියන 75 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇතැම් රෝහල් ධාරිතාව ඉක්මවා ඇති අවස්ථාවක ඔමික්‍රොන් නව වෛරසයේ බලපෑම දැඩි පීඩාකාරී තත්ත්වයක් වනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්