‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය සෙසු විකෘති මෙන් බරපතල රෝගාබාධ ඇති නොකරන්නේ එය පෙනහළුවලට බලපෑමක් නොකරන නිසා යැයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබේ.
‘කොවිඩ් 19’ මුල් වයිරසය සහ ඉන්පසු බිහිවුණු සෙසු විකෘති වයිරස සියල්ල පෙනහළුවලට බලපෑම් ඇති කරන අතර, බොහෝ දෙනකු ‘කොවිඩ් නියුමෝනියා’ රෝගී තත්ත්වයෙන් මියයයි. කෙසේ නමුත් පවතින විකෘති සහ අලුත් විකෘති රැසක් මුසුවීමෙන් නිර්මාණය වූ ‘ඔමික්‍රෝන්’ විකෘති වයිරස ප්‍රභේදය පෙනහළුවලට කරන බලපෑම අවම බැවින්, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් රෝහල්ගත කිරීමට සිදුවන අවස්ථා ද අවම බව හොංකොං වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
පෙනහළුවලට බලපෑමක් නොකළත්, ‘ඔමික්‍රෝන්’ විකෘතිය සිරුරට ඇතුළු වූ පසු ස්වසන පද්ධතියේ නාසය ඇතුළු ඉහළ කොටස්වල රැඳී පවතී. ඒ නිසා, ‘ඔමික්‍රොන්’ සෙසු ‘කොවිඩ් 19’ විකෘතිවලට වඩා (විශේෂයෙන් ඩෙල්ටා විකෘතියට) වඩා සියයට 70 ගුණයකින් සිරුර තුළ පිටපත් නිර්මාණය කිරීම සහ වයිරසය සෙසු අයට බෝ වීමට ඇති ඉඩ වැඩිය. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් වේගයෙන් සමාජයේ ව්‍යාප්තවීම සිදුවන්නේ මේ නිසා බව හොංකොං වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබේ.
මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය සෙමින් සෙමින් ‘ඩෙල්ටා’ විකෘතිය පසු කරමින් ලොව ප්‍රධානතම ‘කොවිඩ් 19’ විකෘතිය බවට පත්වෙමින් තිබේ. යුරෝපා රටවල සහ ඇමෙරිකාවේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි. ප්‍රංශ සෞඛ්‍ය අංශ අනුව, එරට ප්‍රධානතම ‘කොවිඩ් 19’ ප්‍රභේදය බවට පත්වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි