චීනයේ පළාත් කිහිපයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවී ඇතැයි වාර්තා වෙයි.
ශීත ඝෘතු ඔලිම්පික් උළෙල ඇරඹීමට තවත් ඇත්තේ සතියක් පමණි.
එබැවින් ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවීම ගැන චීන බලධාරීන් තුළ යම් කැලඹීමක් ඇතිවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
එරට පළමුව ඔමික්‍රෝන් ආසාදිතයින් හමු වූයේ ටියැන්ජින් නම් වරාය නගරයෙනි. මේ වනවිට හෙනන් පළාතෙන් ද ආසාදිතයින් හමුවී තිබේ.
ටියැන්ජින් නගරයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවීමෙන් අනතුරුව එම නගරයේ වෙසෙන 1.4ක් වූ මුළු ජනගහණය ම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය.
සති අන්තයේ එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 24 දෙනෙක් ළමුන් ය.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ