යුරෝපා මහද්වීපයේ රටවල් යළිත් කොවිඩ් අවදානමකට මැදිකරමින් ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ඉතාලියෙන්ද හඳුනාගෙන තිබේ.
නව ප්‍රභේදය හමුවේ සියලු දේශසීමා වසා දැමූ පළමු රට බවට ඊශ්‍රායලය පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය නව ප්‍රභේදය සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු රටවලට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ කිසි ලෙසකින් ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් බැහැර නොවිය යුතු බවටය.
දකුණු අප්‍රිකාවෙන් හමුවූ වඩාත්ම විකෘතිතා සහිත ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් මේ වනවිට අප්‍රිකාව සහ යුරෝපා මහද්වීපවලට අයත් රටවල් 08කින් හඳුනාගෙන තිබේ.
රටවල් ලැයිස්තුවට අලුතින්ම එක් වූයේ බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ඉතාලියයි.
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් ආසාදිතයින් දෙදෙනාම මෑතකදී දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇතැයි එරට සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය හමුවේ අප්‍රිකානු රටවල් 10ක් සිය සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබේ.
එමෙන්ම හෙට සිට එංගලන්තයේ වෙළෙඳසැල්වල සහ පොදු ප්‍රවාහන මාධ්‍යයන්හි මුව ආවරණ භාවිතය නැවතත් අනිවාර්ය කිරීමටද එරට රජය තීරණය කර තිබේ.
රට තුළට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණවලට ලක්වීමද අනිවාර්ය බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත.
ඔමික්‍රෝන් ප්‍රභේදය දැනට ලොව නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන බව විශේෂඥයින් අනාවරණය කරමින් සිටී.
අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් පවසන්නේ නව ප්‍රභේදය එන්නත මගින් ලබාදුන් ප්‍රතිශක්තිය අබිබවා යන්නේ නම් දින 100ක් තුළ ඊට ඔරොත්තු දිය හැකි නව එන්නතක් නිපදවිය හැකි බවය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්