බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන ‘ඔමික්‍රෝන’ ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (30) දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයන්ට ජපානයට ඇතුළුවීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.
දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග රටවල් 18 ක් පුරා පැතිරී ඇති නව කොවිඩ් ප්‍රභේදය නිසා ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන ඉල්ලා සිටී.
ඔමික්‍රෝන් විකෘතිය අනෙකුත් කොවිඩ් ප්‍රභේද වලට වඩා භයානකද යන්න පැහැදිලි නැතැයි විද්‍යාඥයන් අනතුරු අඟවන විටත් බොහෝ රටවල් තම දේශසීමා දැඩි කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර ඊශ්‍රායලය, මොරොක්කෝව සහ ස්විට්සර්ලන්තය ආදී රටවල් මේ වන විටත් සියලුම විදේශ සංචාරකයින්ට තහනම් පැනවීමට පියවර ගෙන ඇත.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්