රටේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14කට රටම වසා දමන්නැයි වෛද්‍ය සංගම් 4ක් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට ප්‍රකාශ කළත් ඊට පෙර ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ඔවුන් එවැනි ඉල්ලීමක් සිදු නොකළ බවත් මෙම වෛද්‍ය සංගම් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති තම තමන්ගේ යෝජනා මාධ්‍යට නොව ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
“දැන් ඊයෙ අතිගරු ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායෙදි ඉතාමත්ම පැහැදිලිව මේ පිළිබඳවත් දැනුවත් කිරීමක් කළා, මේ හා තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන්. එහිදී අතිගරු ජනාධිපතිතුමා කිව්වෙ මේ බොහෝ මේ අවස්ථාවෙදි ජනතාව ඉදිරියට ඇවිල්ලා කතා කරන අයවලුන් බොහොමයක් මේ කාර්ය සාධක බලකායෙ රැස්වීම්වලටත් සහභාගී වෙනවා. එතකොට මේ කියන බොහෝ සංගමුත් – ඇත්තටම රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් බොහොමයක් – කාර්ය සාධක බලකායට ගෙන්වා ගනු ලබනවා. ජනාධිපතිතුමාත් එක්ක මම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවත්වන කාර්ය සාධක බලකා රැස්වීමේත් සමහරවිට ජනාධිපතිතුමාගෙ කාර්ය සාධක බලකායට පැමිණෙන්නෙ නැති ඒ අනෙකුත් කොට්ඨාශත් නියෝජනය කරමින් මගෙ කාර්ය සාධක බලකාය ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙත් පවතිනවා. ඉතිං මේ ඔක්කොම අපි අතනදි වෙන ඒවාත් ජනාධිපතිතුමාට පැහැදිලි කරලා තමයි අනෙකුත් කණ්ඩායම් එක්ක මේක කරන්නෙ. එතකොට එහිදී ඔය කියන යෝජනාවන් ඒ ස්ථානයෙදි පැමිණෙන්නෙ නැති එක අපටත් යම්කිසි ආකාරයක ප්‍රශ්නයක්.
දැන් ඊයෙත් ජනාධිපතිතුමාගෙ රැස්වීමෙදි කතිකාවට නොගත්ත දෙයක් සවස ඔබගේ ප්‍රවෘත්තිවලින් අපි දකිනවා. ඉතිං මේක දැනුම් දියයුතු පුද්ගලයන්ට, අතිගරු ජනාධිපතිතුමා ඊයෙ රැස්වීමෙදි පැහැදිලිවම කිව්වා කියන දෙයක් කියන්න ජනාධිපතිතුමාට. කාර්ය සාධක බලකා රැස්වීමෙදි මට කියන්න කියලා එතුමා කිව්වා. ජනාධිපතිතුමාම කිව්වා ඇයි මට කියන්නෙ නැතුව ගිහිල්ලා එළියෙ කියන්නෙ, එළියෙ කිව්වා කියලා මොනවද කරන්න පුළුවන් මෙතනදී කතා නොකර කියලා. ඉතිං ඒක හින්දා ඒක ඉතාමත් පැහැදිලියි, මං විස්තර කරන්න අවශ්‍යතාවයක් නෑ ඒ කියපු කතාව සම්බන්ධයෙන්.
ඉතිං ඒ ආකාරයෙන් තමයි සමහරවිට කතා නොකර හිටියත් අපෙ කාර්ය සාධක බලකායෙදි අපි සමහර සංගම්වලින් අහනවා තව මොනවා හරි නිර්දේශයක් තියෙනවාද ඔබතුමන්ලාට කියලාට. එහිදීවත් නොකියා සමහර පුද්ගලයින් සමහරවෙලාවට විවිධ නිර්දේශයන් ඉදිරිපත් කරනවා ජනතාව ඉදිරියෙදි. ඉතිං අරවගේ ස්ථානයකදි නිර්දේශයක් ඉදිරිපත් කළාම එය කතිකාවට ගනු ලබනවානෙ. එතකොට විවිධ පාර්ශ්ව ඉන්නවා. සෞඛ්‍ය නිර්දේශ, අනෙකුත් නිර්දේශ, ඒ ඔක්කොම එකට සාකච්ඡාවට භාජනය කරලා ගන්නවා අද ඔය කරපු සංචරණ සීමාවලට අපි දන්නවා ඔය වෛද්‍ය සංගම්වල නියෝජිතයින් මීට දින කිහිපයකට කලින් ඇවිත් ජනාධිපතිතුමාව හම්බුණාම කිව්වෙ මෙහෙම දෙයක්, අපි කිව්වා මෙහෙම කරමු කියලා, ඒ වෙලාවෙදි සියලු දෙනාම ඊට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ අනුව තමයි සඳුදාම, ඒ මීටිං එකෙන් පස්සෙ ජනාධිපතිතුමා මට කිව්වෙ දැන්මම කියන්න කියලා රටේ ජනතාවට මේ සඳහා සූදානම් වෙන්න. ඊට අමතරව ඊයෙත් රැස්වීමක් ජනාධිපතිතුමාගෙ මේ පිළිබඳවම තිබ්බා. ඉතිං ඔබ කියන කතාව ඇත්ත, නමුත් අපි බලාපොරොත්තු වෙන්නෙ කියන දෙයක් අපෙ කාර්ය සාධක බලකායෙදි කිව්වා නම් එතකොට මේක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාමාර්ග ගන්න පුළුවන්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්