බෙලරුසියාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලට පැමිණ සිටි ක්‍රීඩිකාවක් පෝලන්තයේ සරණාගතභාවය ඉල්ලා ඇති බව වාර්තා වේ.
ක්‍රිස්ටිනා ටයිමනොව්ස්කායා මීටර් 200 ඉසව්ව සඳහා සුදුසුකම් ලබාසිටි අතර පසුව ඇයව 4×400 ඉසව්වට යෙදවීමට එරට ක්‍රීඩා බලධාරීන් සූදානම් වී තිබේ.

නමුත් ඊට විරෝධය දක්වමින් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කර තිබුණි.
ඒ ගැන කිපුණු පුහුණුකරුවන් ඇයව නැවත සිය රටට යැවීමට උත්සාහ කර ඇති අතර ක්‍රිස්ටිනා ඊට විරෝධය පා ඇත.
එසේම තමාට මුහුණදීමට ඇතිවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුවත් කිරීමට ද ඇය පියවර ගත්තාය.
ඒ බව සැලවීමෙන් අනතුරුව ක්‍රිස්ටිනා ආරක්ෂා සහිතව හෝටලයක රඳවා තබාගැනීමට ජපාන බලධාරීන් කටයුතු කළේය.
ඇය ටෝකියෝ නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලයට අද (02) ගොස් තිබුණි.
බෙලරුසියානු බලධාරීන් පවසා ඇත්තේ ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය නුසුදුසු බැවින් ඇයව ආපසු කැඳවීමට තීරණය කළ බවය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි