ටෝකියෝ හි ඔලිම්පික් ගම්මානය ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.
මේ අතර ඉන්දුනීසියාවට පනවා ඇති කොවිඩ් පාලන සීමා අගෝස්තු 2වනදා දක්වා දීර්ඝ කර තිබේ.
මේ වනවිට ආසියාවේ වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇත්තේ ඉන්දුනීසියාවය.
ගෙවුණු පැය 24 තුළදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ද ඉන්දුනීසියාවෙනි.
ඉහළ ජන ඝනත්වයක් සහිත ජාවා සහ බාලි දූපත්වල වසංගතය වැඩි වශයෙන් පැතිර ගොස් තිබේ.
කොවිඩ් ආසාදිත මරණ ඉහළ අගයක් ගැනීම හේතුවෙන් අලුතින් දැඩි සත්කාර ඒකක කිහිපයක් රෝහල් පද්ධතියට එක්කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෛනික ආසාදිතයන් මෙන්ම මරණ ප්‍රමාණය ද පහළ යමින් ඇති බවය.
කොණ්ඩා කපන ස්ථාන, වාහන අලුත්වැඩියා කරන ස්ථාන ඇතුලු අත්‍යවශ්‍ය සේවා සපයන ව්‍යාපාර, සීමාවන්ට යටත්ව විවෘත කිරීමටත් අවසර ලබාදී තිබේ.
මේ අතර කොවිඩ් ආසාදන ඉහළ යෑමට සහ ආර්ථික අර්බුදයට එරෙහිව ටියුනීසියාවේ අගනුවර සහ තවත් නගර කිහිපයකදී දැවැන්ත විරෝධතා පැවැත්වුණි.
ජනතා විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුව අත්හිටුවා අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ජනාධිපති කායිස් සායද් පියවර ගෙන තිබුණි.
ලොව පුරා රටවලින් මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 19 කෝටි 47 ලක්ෂය ඉක්මවා තිබේ.
සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ලක්ෂ 74 දහසකට අධිකය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි