12 හැවිරිදි දැරිවියක් ඔලිම්පික් රිදී පදක්කමක් දිනා ගැනීමට අද (04) සමත් වූවාය.
ඇය ජපාන ජාතික කොකොනා හිරාකි ය. එම දැරිවිය ස්කේට්බෝඩින් ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය.
1936 වසරට පසු බිහිවූ ළාබාලතම පදක්කම්ලාභියා ඇය වේ.
1936 වසරේදී ප්රංශයේ නොයෙල් වැන්ඩනෝට් වයස අවුරුදු 12දී ඔරුපැදීමේ ඉසව්වලින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත්තේය.
මේ අතර, මෙතෙක් නිමවී ඇති ක්රීඩා ඉසව්වලින් වැඩිම රන් පදක්කම් ගණන හිමිකර ගැනීමට චීනය සමත්වී තිබේ. ඔවුන් හිමිකරගෙන ඇති රන් පදක්කම් ගණන 32කි.
රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 16ක් සමගින් ඔවුන් සතුකරගෙන ඇති සම්පූර්ණ පදක්කම් ගණන 70කි.
ඇමෙරිකාව හිමිකරගෙන ඇති මුළු පදක්කම් ගණන 77කි. ඊට රන් 25ක්, රිදී 30 සහ ලෝකඩ 22ක් ඇතුළත් වේ.
සත්කාරක ජපානය රන් පදක්කම් 20ක් දිනාගෙන තිබේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්