ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පදක්කම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට සත්කාරක ජපානය සමත්වී තිබේ.
ඔවුන් මේ දක්වා රන් පදක්කම් 10, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනාගෙන ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන ඇමෙරිකාව මෙතෙක් දිනා ඇති මුළු පදක්කම් ගණන 25කි.
ඒ රන් 9ක්, රිදී 8ක් සහ ලෝකඩ පදක්කම් 8ක් වශයෙනි.
පදක්කම් 21 ක් දිනාගෙන ඇති චීනය පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවේ. ඔවුන් ජයගෙන ඇති රන් පදක්කම් ගණන ද 9කි.
ජූලි 23 වනදා ආරම්භ වූ 2020 ඔලිම්පික් උළෙලේදී මේ දක්වා රටවල් 30ක් එක් රන් පදක්කමක් හෝ දිනාගෙන තිබේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්