2020 ටෝකියෝ ඔලිම්පික් උළලේ අවසානය සනිටුහන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට අමෙරිකාව සමත් වී තිබේ.
ඒ ඊයේ (07) දිනය වන විටත් පදක්කම් සටහනේ පෙරමුණේ පසු වූ චීනය දෙවන ස්ථානයට පත් කරමිනි.
අමෙරිකාව රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟින් සමස්ත පදක්කම් 113ක් හිමිකර ගෙන ඇති අතර චීනය රන් 38ක්, රිදී 32ක් සහ ලෝකඩ 18ක් ලෙස පදක්කම් 88ක් හිමිකර ගෙන තිබේ.
රන් 27ක් සමඟින් සමස්ත පදක්කම් 58ක් ලබාගත් සත්කාරක ජපානයට හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.
රන් පදක්කම් 22ක් ලැබූ බ්‍රිතාන්‍ය සිව් වන ස්ථානයටත් රන් පදක්කම් 20ක් ලබාගත් රුසියාව 05 වන ස්ථානයටත් පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළලේ පළමු ස්ථාන 10ට ඇතුළත් සෙසු රටවල් වේ.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි