චීනයේ බීජිං අගනුවරදී පැවැත්වීමට නියමිත 2022 ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවට අමෙරිකාව සිදුකළ ප්‍රකාශයට එරෙහිව චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ තම රට මීට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට මුහුණ දීමට අමෙරිකාවට සිදුවන බවයි
කෙසේ වෙතත් අදාළ පියවරයන් මොනවාද යන්න ප්‍රකාශ නොකිරීමට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වග බලාගත්තා
අමෙරිකාව බීජීං ඔලිම්පික් උළෙල සදහා රාජ්‍ය තාන්ත්‍රිකයන් හා නිලධාරීන් සම්බන්ද කරවීමෙන් වැලකී සිටිය ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පූර්ණ සහයෝගය ලබා දෙන බවයි ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෙන් සකී සදහන් කළේ
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි