හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී අද (26 ) ඔලු දෙකේ කැස්බෑ පැටවෙකු ප්‍රදේශවාසීන්ට හමුවී තිබෙනවා.
එම වෙරළ තීරයට පැමිණි කැස්බෑවියක දමන ලද බිත්තර වළක තිබූ බිත්තර පුපුරා එමින් සිටි පැටවුන් අතරින් මේ ඔලු දෙකේ කැස්බෑ පැටවා ඔවුනට හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
කකුල් 6 ක් සහ හිස් 2 ක් මෙම කැස්බෑ පැටවාට පිහිටා තිබෙනවා.
දුර්ලභ ඝනයේ ඔලු දෙකේ මේ කැස්බෑ පැටවා ප්‍රදේශවාසීන් විසින් හික්කඩුව වන ජීවී කාර්‍යාලයට අද (26) බාර දී තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග