ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන ”2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය ” මෙවර හිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවට බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ අන්තරායක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තියට එම සම්මානය හිමිවී තිබේ.
2021 අනාගත ප්‍රතිපත්ති සම්මාන උළෙලේ ශ්‍රී ලංකාවට හිමි සම්මානය හා වෙනත් ජයග්‍රාහී ප්‍රතිපත්ති සදහා සම්මාන පිරිනැමීම ලබන 6 වැනිදා අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ 1997 සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම, මෙම සම්මානය දිනා ගැනීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මිනිසා සහ පරිසරය රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඇති වන අහිතකර බලපෑම් අවම කරන වඩාත් ඵලදායී ප්‍රතිපත්ති මෙම සම්මාන ප්‍රදානයේදී සැලකිල්ලට ගෙන තිබේ.
මෙම සම්මාන ප්‍රදාන උළෙලට සහභාගී වීමට සහ 2021 අනාගත ප්‍රතිපත්ති සම්මානය සඳහා වන ජයග්‍රාහී ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා https://www.worldfuturecouncil.org/p/2021-protection-from-hazardous-chemicals/ වෙත පිවිසෙන ලෙස බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්