ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු වන ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇත.
ඒ අනුව ඔහුට ශ්‍රී ලංකා සංචාරයේ පළමු සතිය අහිමිවී තිබේ.
ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායම සමග ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් අද (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අතර, කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ඔහුට පැමිණීමට නොහැකි විය.
ඒ අනුව සතියක කාලයක් ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්ට ස්වයං නිරෝධායනයට ලක්වීමට සිදුව ඇත.
ඔහු ශ්‍රී ලංකාවේ සංචරයේ යෙදෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ජූනි 08 වනදා එක්වීමට නියමිතය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක