සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (08) ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව තරඟය අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය සඳහා ඔස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් කැදවීම සම්බන්යෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින්ට මෙන්ම සංචිතයට ඇතුළත්ව සිටි ප්‍රවීන් ජයවික්‍රමට මෙලෙස කොවිඩ් ආසාදනයවී තිබෙනවා.
ඊයේ (07) සංචිතයේ සියලු ක්‍රීඩකයින් යළිත් රැපිඩ් ඇන්ටිජන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර එහි ප්‍රතිපල පිළිබදව ද අවධානය යොමු කර අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සිදු වනු ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්