මෙවර ඔලිම්පික් උළෙල ට සහභාගී වන ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායනයට යොමුකර තිබේ.
ඔලිම්පික් බලධාරීන් එම තීරණය ගෙන ඇත්තේ, රිටි පැනීමේ ලෝක ශූර අමෙරිකානු ජාතික සෑම් කෙන්ඩ්‍රික්ස් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් අනතුරුවය.
ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කෙන්ඩ්රික්ස්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනිණි.
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ලෝක රිටි පැනීමේ ශූර කෙන්ඩ්‍රික්ස් ට මෙවර ඔලිම්පික් උළෙල අහිමි වේ.
නිරෝධායනයට යොමුකර ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ද ඔලිම්පික් බලධාරීන් පැවසීය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි