විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින් විදේශ රාජ්‍යයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටිනවා.
මාස කිහිපයක සිට මෙම සයිබර් ප්‍රහාරය දියත් වූ බවත් මෑතක සිට එම තත්ත්වයේ වැඩි වීමක් සිදුව ඇති බව පැවසූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එය විදෙස් රටක සිට ක්‍රියාත්මක වන බවද සඳහන් කර සිටියා.
මෙම සයිබර් ප්‍රහාරයට වගකිව යුතු රට කුමක්ද යනුවෙන් සඳහන් නොකළ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එවැනි හැකියාවක් ඇත්තේ ලොව රටවල් වලින් අතලොස්සකට බව කියා සිටියා.
සයිබර් විශේෂඥයෙකු වන නික් සැව්වීඩිස් ප්‍රකාශ කර සිටියේ එවැනි ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති හැකියාව සහිත රටවල් 10ක් හෝ 15ක් සිටින බවයි. ඒ අතරට චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවල්ද සිටින බවයි ඔහු කියා සිටියේ.
ඕස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂක පීටර් ජෙනිංස් කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය චීනයෙන් එල්ල වූ එකක් බවට තමන්ට විශ්වාස බවයි.
More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි