මාස 18 කට පසු විදෙස් සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියාව යළි විවෘත කෙරුණා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර ගමනාගමනය මෙන්ම විදෙස් සංචාරක පැමිණීමද තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගනු ලැබුවේ.
වෛරසයට එරෙහි එන්නත්කරණය සාර්ථක වීම හා වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව පහළ යාම හේතුවෙන් රට ක්‍රමිකව යළි විවෘත කිරීමට පසුගියදා ඕස්ටේ්රලියානු රජය තීරණය කළා.
එමෙන්ම අද සිට එරටට විදෙස් සංචාරකයින්ට ඇතුළු වීමට අවසර හිමි වනවා.
කෙසේ වෙතත් පැමිණෙන සියලු සංචාරකයින් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතුයි.
ඒ අනුව සිංගප්පූරුවේ හා ඇමෙරිකාවේ සිට පළමු ගුවන් යානා සිඩ්නි ගුවන්තොටුපොළට ළඟා වී තිබෙනවා.
වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පුරවැසියන්ට, ස්ථිරපදිංචිකරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට හෝ ඇතුළු වීමට පසුගිය කාලයේදී අවසර හිමිවූයේ නැහැ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්