වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට ලබන ජනවාරි මාසයේ සිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට එන්නත ලබාදීමට මේ දක්වා කිසිදු අනුමැතියක් ලැබී නොමැති බවයි.
අදාළ වයස් කාණ්ඩයේ ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට අමෙරිකාව පසුගියදා අවසර ලබාදුන්නා.
ළමුන් එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණවත් තරම් මේ වනවිටත් රට තුළ පවතින බවයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
පසුගිය සිකුරාදා දිනයේදී ඔස්ට්‍රේලියාව තුළ එක් කොරෝනා මාත්‍රාවක් හෝ ලබාගත් ප්‍රතිශතය 90% ඉක්මවා ගියා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්