මේගන් ෂූට්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, ඇලිසා හීලිගේ, එලිස් පෙරීගේ සහ ඇෂ්ලි ගාඩ්නර්ගේ සුපිරි පිතිහරඹයත් හේතුවෙන් නවසීලන්ත කාන්තා පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගත් සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා පිල අඛණ්ඩව අන්තර්ජාතික එක්දින තරග 22ක් දිනා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මීට පෙර 2003 වසරේදී ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම කාන්තා හෝ පිරිමි අන්තර්ජාතික එක්දින පිටියේ අඛණ්ඩව තරග 21ක් ජය ගනිමින් තැබූ ලෝක වාර්තාව ඒ අනුව බිඳ වැටිණි.
තරග 3කින් සමන්විත ඔස්ට්‍රේලියා – නවසීලන්ත කාන්තා එක්දින තරගාවලියේ පළමු තරගය ලෙස පසුගියදා පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා පිල ඕවර 48.5කදී සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මේගන් ෂූට් කඩුලු 4ක් දවාලීමට සමත් වූවාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිල තරගය ජය ගත්තේ ඕවර 38.3කදී කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි. ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිනිය ඇලිසා හීලි ලකුණු 65ක් රැස් කළ අතර, එලිස් පෙරී නොදැවී ලකුණු 56ක්ද, ඇෂ්ලි ගාඩ්නර් නොදැවී ලකුණු 53ක් ද රැස් කිරීමට සමත් වූහ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්