ඔස්ටේ්රලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කම්කරු පක්ෂ නායක ඇන්තනී ඇල්බනීසි, අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
ඔහු සමඟ නව අමාත්‍යවරුන් 05 දෙනෙකු දිවුරුම් දුන් බවයි ඔස්ටේ්රලියානු මාධ්‍ය වාර්තා කලේ.
නව අග්‍රමාත්‍යවරයා ක්වඩ් සංවිධානයේ සාමාජික රටවල් වන ජපානය, අමෙරිකාව සහ ඉන්දීය රාජ්‍ය නායකයන් හමුවීම සඳහා හෙට ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.
යළිත් බදාදා දිනයේ ඔස්ටේ්රලියාවට පැමිණෙන ඇල්බනීසි ඉදිරි සති කිහිපයේදී සියලු ප්‍රාන්ත නායකයන් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමටයි තීරණය කර ඇත්තේ.
පසුගිය සෙනසුරාදා පැවති ෆෙඩරල් මහ මැතිවරණයෙන් ඇන්තනී ඇල්බනීසිගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය ජයග්‍රහණය කලේ වසර 09 ක් පැවති ලිබරල් පාලනය පරාජය කරමින්.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි