කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් වෙනුවට අද (08 වැනිදා) සිට අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩලයම කැඳවීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සියලුම ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
යම් ආයතන ප්‍රධානියකුට සියලුම කාර්ය මණ්ඩලය කැඳවීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් නැතැයි ද ලේකම්වරයා කියා සිටියා.
රජයේ කාර්යාල සේවා මුර දෙකක් යටතේ විවෘත නොකළහොත් එම සේවකයන් මෙන්ම ඉන් සේවාව ලබාගැනීමට පැමිණෙන මහජනතාවට මෙම සතියේ සිට බස් රථවල දැඩි තදබදයකට ලක්වීමට හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
දැනට පෞද්ගලික අංශය උදෑසන 10 ට ආරම්භ වන නිසා රාජ්‍ය අංශය පළමු කාණ්ඩය උදෑසන 9ට ආරම්භ වී සවස 3ට අවසන් කරන ලෙසටත්, අනෙක් අදියර දහවල් 1 ට ආරම්භ වී සවස 7ට අවසන් වෙන ලෙසටත් කාර්යාල විවෘත කළහොත් ඇතිවිය හැකි තදබදය අවම කරගත හැකි බවද ගැමුණු විජේරත්න පෙන්වා දෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්