ඕමාන ක්‍රීඩකයින්ගේ පන්දුයැවීම් සහ පිතිකරණය වීඩියෝ දර්ශන මගින් නරඹා ඔවුන්ගේ ක්‍රීඩා විලාශය අධ්‍යයනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලිය එළඹෙන 07වැනිදා ආරම්භ වන අතර ශ්‍රී ලංකා කණ්ඩයම මේ දක්වා ඔවුන් සමග ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැත.
ඉන් පළමු තරගය ඔක්තෝබර් 7වැනිදාත් දෙවන තරගය ඔක්තෝබර් 9 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක,
“අපි අධ්‍යයනය කරපු ටික තමයි තියෙන්නේ. අපි ක්‍රීඩා කරලා නැහැ ඕමානය එක්ක. වීඩියෝ බලලා තියෙනවා. පන්දුයවන්නෝ සහ පිතිකරුවෝ ගැන අවධානයෙන් ඉන්නේ. අපේ කණ්ඩායමට මහේල ජයවර්ධන උපදේශකයෙකු ලෙස එකතුවීම විශාල වටිනාකමක් කණ්ඩායමට. පුහුණුකරුවෙකු ලෙස ඔහුට තිබෙන අත්දැකීම් ලංකාවේ ගොඩාක් දෙනෙකුට නෑ.”
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි