පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු තරගයේදීම පරාජයට පත්වීමට සත්කාරක ඔස්ට්‍රේලියාවට සිදුවූයේ කණ්ඩායමේ වැරදි සංයුතිය හේතුවෙන් බවට චෝදනා එල්ලවනවා.
ස්ටීව් ස්මිත් වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායමට නම් නොකිරීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් මුල් පන්දුවාර කිහිපය අසාර්ථක වීම කණ්ඩායමේ පරාජයට බලපෑ ප්‍රධානතම හේතුව බවටද චෝදනා එල්ල වනවා.
ඔස්ට්‍රේලියා කණ්ඩායම සහභාගීවන මීලග තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හෙට පර්ත් වේලාවෙන් රාත්‍රී 07 ට පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවිමට නියමිතයි.
නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කල කණ්ඩායමම එහිදීද තරග කරනු ඇති බවයි ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් සඳහන් කලේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි