නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු දේශසීමා නැවත විවෘත කෙරෙන්නේ ලබන වසරේදී යැයි ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ අමාත්‍ය සිමන් බර්මින්හැම් පවසනවා.
කෙසේ නමුත් සිසුන්ට සහ දීර්ඝකාලීන සංචාරකයන්ට රටට ඇතුළුවීමට ඉඩ ලබාදෙන බව ද ඔහු කියාසිටියා.
ඔස්ට්‍රේලියාව නව කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස සැලකෙයි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලොව බොහෝ රටවලට කලින් ගුවන් තොටුපොළ ඇතුළු රටට ඇතුළු වන ස්ථාන වසා දැමූ අතර සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නැයි රට වැසියන්ට නියෝගය කළා.
නැවත රටට පැමිණෙන සෑම ඔස්ට්‍රේලියානු පුරවැසියකු අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු බව ඔස්ට්‍රේලියානු වෙළෙඳ අමාත්‍යවරයා කියාසිටියා.
More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි