කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත සද්ධර්ම මාවත අසලදී තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෝදර පොලිස් වසමේ සත්හිරු සෙවන මහල් සංකීර්ණය අසලදීයි. මාලිගාවත්ත පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සත්හිරු නිවාස සංකිර්ණයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 4 දෙනා අතරින් පළමු සැකකරු වන අනේෂ් රාජා නමැත්තා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉරේෂා කුමාරි කාහිංගල මහත්මිය නියෝග කළා.
මාලිගාකන්ද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගෙන විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැවින් පැය 24 ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්