දේශීය ඖෂධයක් වන කංසා නීතිගත කරන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා
සංගමයේ උපදේශක වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ලෝකයේ පවතින නීති වෙනස් වෙමින් යන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නීති ලිහිල් කර ඇති බවත් ඒ අනුව ලංකාවේ ද මේ පිළිබඳ නීති ලිහිල් කිරීම කාලෝචිත බවයි.
සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සංවිධායක වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතාද මෙහිදී කියා සිටියේ ,
වේදනා නාශකයක් ලෙස මෙය වසර ගණනාවක සිට භාවිත කර තිබෙනවා එහි වටිනාකම රජය පහදා ගත යුතුයි රජයට මේ සඳහා නීති ලිහිල් කරන ලෙස අපි ඉල්ලනවා මෙය සමාජයට තර්ජනයක් නෑ.
සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සභාපති පාරම්පරික වෛද්‍ය උපුල් දෑලබණ්ඩාර මහතා දැක් වූ අදහස් ,
දේශීය වෛද්‍ය ක්ෂේත්රයට සිදු වූ දැවැන්තම හානිය වන්නේ කංසා තහනම් කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ රෝග ගණනාවකටම ඖෂධයක් ලෙස මෙය භාවිතා වෙනවා ලෝක ඉතිහාසයේ ද සෑම අංශයක මෙම භාවිතා වී තිබෙනවා ඉන්දියාවේ ජනතා ව්‍යාපාරයක් ලෙසයි මෙය පවත්වාගෙන යන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ