කතරගම කටගමුව වැව ආසන්නයේ දඩයක්කරුවන් පිරිසක් සහ වනජීවි නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ දඩයක්කරුවෙකු කතරගම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.
දඩයක්කරුවන් මුවන් දෙදෙනෙකුට වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේ කටගමුව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරීවරයා ප්‍රමුඛ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
එහිදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි