කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම්

දිනෙන් දින මෙරටට පැමිණෙන සංචාරකයන් පිරිස ඉහළ යාමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා.තදබදය අවම කිරීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වැඩිකිරීමට අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම වඩාත් ඉඩකඩ සහිත සහ පිළිගැනීමේ පරිසරයක් නිර්මාණය කිරීම  ව්‍යාපෘතියට ඇතුළත්.පැමිණෙන සංචාරකයන්ට සහායවීම සඳහා මධ්‍යම සංචාරක තොරතුරු කවුළුවක් පිහිටුවීමට නියමිතයි.

ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා කියා සිටින්නේ සංචාරකයන්ගේ පැමිණීම 23% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව පහසුකම් වැඩිදියුණු කිරීමට තීරණය කළ බව ඒ මහතා කියා සිටිනවා.අමාත්‍ය බිමල් රත්නායක මහතා ද මේ සඳහා උපදෙස් දී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com